කාර් එකේ ඩිකියට මෙහෙකාර දරුවෙකු ඇතුළුකර වසා දමන හිටපු DIG ගැන පරීක්ෂණ



කාර් එකේ ඩිකියට මෙහෙකාර දරුවෙකු ඇතුළුකර වසා දමන
හිටපු DIG ගැන පරීක්ෂණ

පසුගිය සිකුරාදා මාතලේ නගරයේදී කැමරාවක සටහන්වූ සිද්ධියක් මේ වනවිට ආන්දෝලනයක් ඇති කර තිබේ.
මෙහිදී හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ළමා ශ්‍රමිකයෙකු මෙහෙකාරකමේ යොදන අයුරුත් ඔහු කඩෙන් බඩු ගත් පසු බඩුත් සමග එම ළමයා අමානුෂික ලෙස වාහනයේ ඩිකියට දමා වසන අයුරුත්
ඡායාරූපයට නැගී ඇත.
මෙම දරුවා මෙහෙකාර සේවයේ යොදවන්නට නීතියෙන් ඉඩ නැති ළාබාල වයසක කෙනෙකු බවද බැලුබැල්මට පෙනී යයි.
මාතලේ ජ්‍යොෂ්ඨ පොලිස් අධිකාරී අයිබීටී සුගතපාල මහතාට මේ සම්බන්ධ පැමිණිල්ල ලැබීමෙන් පසුව මේ වනවිට පරීක්ෂණ අරඹා ඇත.
ළමයා අවබාවිතයේ යොදවන පුද්ගලයා නීතිය හොඳාකාරවම දැනදැනත් මෙවැනි ක්‍රියාකාරකමක නියැළෙන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති (DIG) කෙනෙකු බවත් දඹුල්ල ප්‍රදේශයේ වාසය කරන බවත් කරුණු අනාවරණයවී ඇත.
සිකුරාදා දිනයේ මාතලේ ඔරලෝසු කණුව අසල නවතා තිබූ මෙම වාහනයට ළමයා ඇතුළු කරන අයුරු ඡායාරූපයට නගා තිබුනේ ත්‍රීරෝද රථයක සිටි මාධ්‍යවේදියෙකි.

(තොරතුරු -එම්.ඩබ්. සෝමරක්න -pix courtesy by-dailymirror.lk)



Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment