පස්වරුවේ ප්‍රදේශ කිහිපයක ගිගුරුම් සහිත වැසි

පස්වරුවේ ප්‍රදේශ කිහිපයක ගිගුරුම් සහිත වැසි

අද (08) පස්වරු 02.00න් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අද උදෑසන කාලයේදී උතුර සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

මේ අතර කන්කසන්තුරේ සිට මන්නාරම, ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වූ වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 55 ත් 60 ත් අතර පැවතිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටී.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment