සමාජ ජාල පැමිණිලි 2100ක්

සමාජ ජාල පැමිණිලි 2100ක්

මේ වසරේ ගතවූ කාලය තුළ සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් පැමිණිලි 2100කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ෆේස්බුක් වෙබ් අඩවිය සම්බන්ධයෙන් ලැබී ඇති අතර ට්විටර් සහ ඉන්ස්ටග්රෑම් පිළිබඳවද පැමිණිලි ලැබී ඇත.

මේ අතර ආරක්ෂිතව අන්තර්ජාලය භාවිතා කිරීම පිළිබඳව පාසල් ළමුන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් පියවර ගෙන තිබේ.

පාසල් ළමුන් මෙන්ම ගුරුවරුන්ද දැනුවත් කිරිම මෙම වැඩපිළිවෙලේ අරමුණ බව ශ්‍රී  ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ මාධ්‍ය ප්‍රකාශක ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යංශයේ අනුග්‍රහය යටතේ පළාත් මට්ටමින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අන්තර්ජාලය ආරක්ෂිතව භාවිතා කරන ආකාරය පිළිබඳව මෙන්ම යම් ගැටළුවක් මතුවුවහොත් ඊට අවශ්‍ය උපකාර ලබාගන්නා ආයතන පිළිබඳව මෙහිදී පසල් ළමුන් දැනුවත් කරන බව රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසී ය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment