ප්‍රාථමික සංවර්ධන අමාත්‍ය දයා ගමගේ මහතා දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම්වරියට තර්ජනය කළ බවට විරෝධය පළ කරමින් අම්පාර දිස්ත්‍රික්කයේ සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවකයින් ඊයේ (07) සිය රාජකාරි කටයුතුවල නියැලුනේ කළු පටි පැළඳගෙනය.
දෙහිඅත්තකණ්‌ඩිය නගර උද්‍යානය තුළ රුපියල් ලක්‍ෂ 900 ක නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ඉදිකිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධව දයා ගමගේ අමාත්‍යවරයා ප්‍රාදේශීය ලේකම් ශිරෝමණී කුමාරි මහත්මිය සමඟ සාකච්ඡා කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිය අවස්‌ථාවේ තරමක උණුසුම් කතාබහක් ඇතිවී තිබේ.
දෙහිඅත්තකණ්‌ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උසස් නිලධාරිනියක් සිද්ධිය පිළිබඳව විස්‌තර කරමින් කියාසිටිය් ප්‍රාථමික සංවර්ධන අමාත්‍ය දයා ගමගේ මහතා නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිකිරීම සම්බන්ධව සාකච්ඡා කරන අතරතුර "මම කැබිනට් ඇමැති මට ඕන විදිහට මේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සිදුවෙන්න ඕනෑ" යෑයි පවසමින් පුටුව ඇද දමා ශබ්දයෙන් කතා කර පිටව ගිය බවයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, "මම කාටවත් තර්ජනය කළේ නැහැ. දෙහිඅත්තකණ්‌ඩිය නගර උද්‍යානයට ඇති එකම නගර උද්‍යානය විනාශකර දැවැන්ත වටිනා ගස් හා පරිසරය විනාශ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියා. මා සමඟ මහවැලි නේවාසික කළමනාකරු විමල් කුමාර ඕ.අයි.සී. සැලසුම් නිලධාරී යන මහත්වරු ද ජනතාව ද සිටියා. මම කිසිම මොහොතක ප්‍රාදේශීය ලේකම්වරියට තර්ජනය කළේ නෑ" යනුවෙනි.
වීඩියෝව පහතින්.
0 comments :
Post a Comment