ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිව සිටි ජයලලිතා ජයරාම් මෙනවියගේ අභාවය හේතුවෙන් ඇගේ ආධාරකරුවන් තවදුරටත් ශෝකවෙමින් සිටිනවා.
ඇය වෙනුවෙන් සිදුකෙරෙන සැමරුම් උත්සව ආදිය ද තවමත් අවසන් වී නැහැ. චෙන්නායි නුවර මරීනා වෙරළ තීරය අසල දී ඊයේ පස්වරුවේ ජයලලිතා මෙනවිය මිහිදන් කිරීම සිදු කෙරුණා.
සඳුන් දැවයෙන් සෑදූ විශේෂ පෙට්ටියක බහා ඇගේ දේහය මිහිදන් කෙරුණු අතර ඒ පිළිබඳව දැඩි කතාබහකට ලක්ව ඇති බව වාර්තා වෙනවා. ඉන්දීය හින්දු සංස්කෘතියට අනුව දේහය ආදාහනය සිදු කොට භෂ්මාවශේෂ ගඟක පාකරහැරිය යුතු වුවත් ජයලලිතා මෙනවියගේ දේහය මේ ආකාරයෙන් මිහිදන් කළේ ඇයි දැයි ඉන්දීය මාධ්‍ය පවා ප්‍රශ්ණ කොට සිටිනවා.
එමෙන්ම අවසන් කටයුත් මේ ආකරයෙන් සිදු කෙරුණේ ඇගේ අවසන් කැමැත්තට අනුව ද යන්න මේවන විට එරට කතාබහට ලක්ව ඇති බව පැවසෙනවා. මේ අතර තම දේහය මිහිදන් කිරීම සම්බන්ධන ජයලලිතා මෙනවිය විසින්ම මීට කලකට පෙර සෙයා බලා ඇති බව ද ඉන්දීය මාධ්‍ය අනාවරණය කරනවා.
වීඩියෝව පහතින්....
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment