පුංචි ඡන්දය අලුත් ක්‍රමයට (VIDEO)

පුංචි ඡන්දය අලුත් ක්‍රමයට (VIDEO)

ඉදිරි පළාත් පාලන මැතිවරණය කඩිනමින් කොට්ඨාශ ක්‍රමයට පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

ඊයේ (07) මහනුවර දළඳා මාලිගාවට ගොස් දළදා වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් පවතින තතත්වය මත හිටපු ජනාධිපතිවරයාගේ භූමිකාව වියයුත්තේ කෙසේදැයි විමසූ විට අමාත්‍යවරයා කියාසිටියේ, "එතුමා අපේ පක්ෂයේ තුළ ජනප්‍රිය චරිතේ. හැබැයි ඒකට දිනන්න බෑ. ඒ නිසා එතුමා කළ යුතුදේ පක්ෂයට ආදරෙයි නම්, පක්ෂයට ආදරෙයි නම්, රටට ආදරෙයි නම් මේ පක්ෂයේ දෙගොල්ලෝ එකතු කරන විකල්පයකට යන එක" යනුවෙනි.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment