රාජ්‍ය සේවයේ නොවන අයටත් විශ්‍රාම වැටුප් දෙන සමාජ ආරක්ෂණ ක්‍රමය ලංකාවේ ඇරඹේ

රාජ්‍ය සේවකයන් හැර ඕනෑම අයකුට දායක විය හැකි විශ්‍රාම වැටුප් ක්‍රමයක් සමාජ ආරක්ෂණ
මණ්ඩලය විසින් හඳුන්වා දී තිබේ.
ඕනෑම ප්‍රදේශයක ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම්, දිස්ති්‍රක් ලේකම් හෝ සෑම දිස්ත්‍රික් ලේකම්
කාර්යාලයකම සිටින සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සම්බන්ධීකරණ නිලධාරියා මගින් මෙම විශ්‍රාම වැටුපට
දායක වීම සඳහා සාමාජිකත්වය ලබාගත හැකි ය.

සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය
යටතේ පවතින පූර්ණ රාජ්‍ය ආයතනයක් වන සමාජ ආරක්ෂණ
මණ්ඩලය හා සර්වෝදය ආර්ථීක ව්‍යවසාය සේවා ආයතනය විසින් එ් සඳහා වන එ්කාබද්ධ ගිවිසුමට
රාජගිරියේ පිහිටි සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දී ඊයේ (30) අත්සන් තැබීය.

ගිවිසුම ඇති කර ගැනීමත්
සමග නියමු ව්‍යාපෘතියක් ලෙස දිස්ත්‍රික් කිහිපයක සර්වෝදය ශ්‍රමදාන සමිති සංගමයේ 200,000ක් වන
සාමාජිකයන්ට විශ්‍රාම වැටුප් ක්‍රමය කි්‍රයාත්මක කෙරෙන අතර පසුව සියලූම දිස්ත්‍රික්වල මෙය
කි්‍රයාත්මක වේ.

විශ්‍රාම වැටුප් සාමාජිකයාට වයස අවුරුදු 60 සිට ජීවිතාන්තය දක්වා මාසික
විශ්‍රාම වැටුප්, අවුරුදු 80 සම්පූර්ණ වීමට පෙර සාමාජිකයා මියගියහොත් කාලත්‍රයාට ලබාගත හැකි
අතර එසේ නැතහොත් දරුවන්ට හෝ උරුමකරුවන්ට මුදලක් හිමිවේ, දුබලතාවකට පත්වුවහොත් විශේෂ
ප්‍රතිලාභ හෝ අඛණ්ඩ විශ්‍රාම වැටුප, සාමාජිකයා මියගියහොත් යැපෙන්නන්ට එකවර පාරිතෝෂිකයක්
ලබාදීම ආදී වශයෙන් ප්‍රතිලාභ රැසක් හිමිවේ.  විශ්‍රාම වැටුප පිළිබඳ වැඩිදුර තොරතුරු දුරකතන
අංක 0112 886 088, 0112 886 582-86, ඊ-මේල්  info@ssb.gov.lk, වෙබ් අඩවිය
www.ssb.gov.lk, ෆේස්බුක් පිටුව http://ift.tt/2kaP6am, හෝ අංක 18, රාජගිරිය
පාර, රාජගිරිය ලිපිනයෙන් විමසිය හැකි ය.

(ප්‍රබෝධා හෙට්ටිආරච්චි)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment