ශ්‍රී පා වන්දනාවට පැමිණි අගමැති ආරක්ෂක අංශයේ සැරයන්වරයෙක් මියයයි

ශ්‍රී පා වන්දනාවට පැමිණි අගමැති ආරක්ෂක අංශයේ සැරයන්වරයෙක් මියයයි

ගම්පහ ප්‍රදේශයේ සිට ශ්‍රී පාද වන්දනාවේ පැමිණි අග්‍රාමාත්‍ය ආරක‍ෂක අංශයේ සැරයන්වරයෙකු මියගොස් ඇති බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික‍ෂක අනිල් ජයසිංහ මහතා පවසයි. 

මෙසේ මිගොස් ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි සැරයන් ඒ.එම්.වී සරත්චන්ද්‍ර නම් අයෙක් යැයි පොලිසිය ප්‍රකාශ කරයි. 

බිරිද සහ දරුවන් දෙදෙනා සමග ශ්‍රී පාද වන්දනාවේ යමින් සිටියදි රතු අම්බලම ප්‍රදේශයේදී පෙරේදා (28) අලූයම 3.00 ට පමණ ඔහුට හදිසියේ හර්දයාබාධයක් වැලදි ඇති අතර පසුව පොලිස් නිළධාරින් පිරිසක් හා පවුලේ ඥාතින් විසින් ඔහුව මස්කෙළිය රෝහල වෙත රැගෙන එන අවස්ථාවේ මියගොස් ඇති බව‍ පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය. 

මියගිය සැරයන්වරයාගේ සිරුර පශ්චාත් මරණ පරික‍ෂණය සදහා මස්කෙළිය රෝහලේ තැන්පත් කර ඇත.

- හැටන් රංජිත් -

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment