මුස්ලිම් නායකයන්ද දේශප්‍රේමීන් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි

මුස්ලිම් නායකයන්ද දේශප්‍රේමීන් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි

යටත් විජිත සමයේ බ්‍රිතාන්‍යයන්ට එරෙහි අරගලයේදී දේශදෝහීන් ලෙස ප්‍රකාශයට පත්කර ඇති මුස්ලිම් නායකයන්ද දේශප්‍රේමීන් ලෙස ගැසට් පත්‍රිකාවක් මගින් ප්‍රකාශයට පත්කළ යුතු යැයි පුනරුත්ථාපන හා නැවත පදිංචිකිරීමේ රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසයි.

බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ශ්‍රී ලංකාවේ 1796 සිට 1948 දක්වා කාලය තුළ ක්‍රියාකළ සිංහල නායකයන් 19 දෙනෙකු 1818 ජනවාරි 10දා දේශදෝහීන් ලෙස ප්‍රකාශයට පත්කළ ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවලංගු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසීය.

මෙම අරගලයේදී ත්‍රිකුණාමලයේ හා මඩකලපුවේ මුස්ලිම් නායකයන් හත්දෙනෙකු 1804 ජූනි 04 වැනිදා දේශද්‍රෝහීන් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.

මඩකලපුවේ මීරා ඔසන් අච්චක්කර්, ඔෂන් ලෙබ්බෙයි උදුමා ලෙබ්බෙයි, අච්චක්කර් ඊසා, අනීස් ලෙබ්බෙයි හා ත්‍රිකුණාමලයේ සේගු නීති, සලම්පති උඩයාර්, පීර් මුහම්මද් යන මෙම නායකයන් රට ජාතියේ ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීමට බ්‍රිතාන්‍ය රජයට එරෙහිව ක්‍රියාකිරීම නිසා දේශද්‍රෝහීන් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ගැසට් නිවේදනයද අවලංගු කරන්නැයි රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන් කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment