කෝලිගේ පෙම්වතිය අනුෂ්කාට අගමැති මෝදිගේ හිත ගිහින්


ඉන්දියාවේ (Swachh Bharat Abhiyan නමින් හැඳින්වූ) පරිසරය පිරිසිඳු කිරීමේ
ජාතික වැඩසටහන සඳහා දීප
ව්‍යාප්ත ප්‍රචාරණය  පිණිස පසුගිය වසරේ තෝරාගෙන තිබුනේ බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්ය.
ඉන්දිය අගමැති මෝදි පවා ඉදලක් අතට ගෙන පිරිසිඳු කිරීමේ කටයුතුවල යෙදුණු මෙම ප්‍රචාරණය මගින් අපිරිසිඳු බවට ලෝකයේම ආකල්පයක් ඇති ඉන්දියාව පිළිබඳ අලුත් පැහැදීමක් ඇති කිරීමට සමත්වූවකි.

මෙවර එම වැඩසටහනේ ප්‍රධාන ප්‍රචාරක භූමිකාවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බච්චන් වෙනුවට තෝරාගෙන ඇත්තේ බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාය. ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිගේ කැඩි කැඩී සවිවන පෙම් සබඳතාවය ලෙස ප්‍රකට අනුෂ්කා කෝලි සමග මේ වසරේ විවාහ ගිවිසගන්නා බවටද ආරංචි පැතිරෙමින් තිබියදී මෙම තෝරාගැනීම සිදුව ඇත.
මෙම වැඩසටහන සඳහා අනුෂ්කා තෝරාගත් බව අගමැතිගේ උපදෙස් පරිදි එරට නාගරික අමාත්‍යංශය ඇයට ඊයේ ලිපි මගින් දැනුම්දී ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment