නාමල්ගේ බැංකු ගිණුම් පරීක්ෂාවට අධිකරණ අවසරය

හෙලෝ කෝප් සමාගම මිලදී ගැනීමට අදාළ නඩුවේ විත්තිකරුවන් බවට පත්ව ඇති පාර්ලිමේන්තු මන්ත්‍රි
නාමල් රාජපක්ෂ මහතා ඇතළු. පස් දෙනෙකුගේ ගිණුම් පරීක්ෂා කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද (31දා) අවසර දුන්නේය.

ඒ අනුව ඔවුන්ටගේ ගිණුම් පවත්වාගෙන යන බැංකු 9ක ගිණුම් 15කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කිරීම සඳහා අතිරේක මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග කළේය.

අයථා ලෙස උපයාගත් බව කියන රුපියල් මිලියන 100ක් වියදම් කර හෙලෝ කෝප් සමාගම මිලදි ගත්තේයැයි නඩුව විභාග කෙරෙයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment