සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියට සයිබර් ප‍්‍රහාරයක්




සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට සයිබර් ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන්  කළ විමසීමකදී අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයද එය තහවුරු කළා.

එහි ප‍්‍රකාශකයෙකු සදහන් කළේ මේ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බවයි.

සයිබර් ප‍්‍රහාරය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිසීමටද මේ වනවිට හැකියාවක් නැහැ.

මේ අතර එම වෙබ් අඩවියට පිවිසිය නොහැකි වන අයුරින් බැනරයක් ප්‍රදර්ශනය වීමට සලස්වා තිබුනු බවද වාර්තා වනවා. එම්.සී.ඒ නමින් හඳුන්වාගත් ලාංඡනයක්ද එහි සඳහන්.

හැක් කරනු ලැබුවේ ඉසෙඩ් (hacked by mr z) විසින් බවද එම බැනරයේ සඳහන් වනවා



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget