'නැටුම් පෙති' ජාවාරමේ මහ මොළකරු අත්අඩංගුවට (VIDEO)

'නැටුම් පෙති' ජාවාරමේ මහ මොළකරු අත්අඩංගුවට (VIDEO)

කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ‍ඒකකය මාලිගාවත්ත ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී මත් පෙති තොගයක් සමග 26 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දින කිහිපයක සිට සිදු කළ විශේෂ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ව්‍යාජ ගැනුම්කරුවෙකු යොදා කළ මෙම වැටලීමේදී සැකකරු අත්අඩංගුවට ගත්තේය.

ඔහු සතුව තිබී මත් පෙති 36ක් සොයා ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මෙම මත් පෙති එක්ස්ට්‍රසි යන නමින් හඳුන්වන අතර නැටුම් පෙති ලෙසද හඳුන්වයි.

වීදියේදී රුපියල් 3800 කට පමණ අලවි වන මෙම පෙත්තක් ග්‍රෑම් 200ක් පමණ වේ. සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේ ය.

මෙම පෙති භාවිත කිරීම අතිශය භයානක බවත්,මෙමගින් ඇති කෙරෙන ඇබ්බැහිය තුළින් මනස විකෘති වන බවත්,එබැවින් රාත්‍රී සමාජශාලාවල විනෝදවන දරුවන් පිළිබඳ මව්පියන් වඩාත් සැලකිලිමත් විය යුතු බවත් වාර්තා වෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget