දේශද්‍රෝහීන් වූ තවත් 900ක් දේශප්‍රේමීන් වෙති

දේශද්‍රෝහීන් වූ තවත් 900ක් දේශප්‍රේමීන් වෙති

ඌව - වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය ලබාදීම හේතුවෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කළ තවත් විරුවන් 900 කට ආසන්න පිරිසක් දේශප්‍රේමීන් ලෙස නම් කිරීමට රජය තීරණය කරයි. 

ඒ අනුව එළඹෙන මාර්තු මස පළමුවනදා ජනාධිපතිවරයා විසින් ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී මීට අදාළ ගැසට් පත්‍රයට අත්සන් තැබීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක සඳහන් කළේ‍ය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කර සිටි කැප්පෙටිපොල අධිකාරම් ඇතුලු 19 දෙනෙකු ජනාධිපතිවරයා විසින් මීට පෙර රණශූරයින් ලෙස නම් කරනු ලැබීය. 

1818 ඌව වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය ලබාදීම හේතුවෙන් මෙම පිරිස දේශද්‍රෝහීන් ලෙස රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා විසින් ප්‍රකාශයට පත් කළේය.

මෙම පිරිස දේශප්‍රේමීන් ලෙස නම් කිරීමෙන් පසු එම කැරැල්ලට සහභාගි වී තවමත් දේශද්‍රෝහී ලැයිස්තුවේ සිටින විරුවන්ගේ පවුල්වල සාමාජිකයින් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව ඉතිරි පිරිසද දේශප්‍රේමීන් ලෙස නම් කිරීමට රජය තීරණය කළ බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment