බස් ගැමුණුට බැහැ දොස්තරලා හිරේ යවන්න - ඩිලාන් පෙරේරා (VIDEO)

බස් ගැමුණුට බැහැ දොස්තරලා හිරේ යවන්න - ඩිලාන් පෙරේරා (VIDEO)

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විට ලබා දී ඇති නඩු තීන්දුව අවසානාත්මක තීන්දුවක් නොවන අතර එය ඈපෑලේදී වෙනස් විය හැකි බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

අධිකරණ ක්‍රියාවලිය තුළ යම් වැරද්දක් සිදුව ඇත්නම් එය අධිකරණ ක්‍රියාවලිය තුළින්ම නිවැරදි කරගැනීමට හැකි අතර පුද්ගලයන් මත එය පවරා ගැනීම පලක් නොවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සයිටම් තීන්දුව පිලිබඳ බස් ගැමුණු සිදුකරන ප්‍රකාශ මගින් අධිකරණයට අපහාස වී ඇති හෙයින් සියල්ලට ප්‍රථම බස් ගැමුණු හිරේ යැවිය යුතු බව පවසන අමාත්‍යවරයා අවධාරණය කරන්නේ අධිකරණයේ කටයුතු අධිකරණය විසින් සිදුකරන අතර ඒ වගකීම් පුද්ගලයන් භාර ගත යුතු නැති  බවයි.

කෙසේ වෙතත් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිලිබඳ මතුව ඇති ගැටළුකාරී තත්ත්වය දරුවන්ට අසාධාරණයක් නොවන  අයුරින් විසඳා ගතයුතු බව හෙතෙම ප්‍රකාශ කරයි. මිනිස් ජිවිත වලට සෘජුව වගකියන වෘත්තියක් හේතුවෙන් වෛද්‍යවරුන්ගේ සුදුසුකම් පිලිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් පවසයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment