ඇමතිවරුන් වෙනස් කිරීම දින නියමයකින් තොරව කල් යයි


පසුගිය දිනවල ඉමහත් ආන්දෝලනයක් ඇති කර තිබුණ කැබිනට් මණ්ඩල සංශෝධනය ඉදිරි දින කිහිපයේදී සිදුකිරීමට සැලසුම් කර තිබූ  නමුත් එය දිනනියමයකින් තොරව කල්
දැමීමට ජනාධිපති
මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කරන ලදැයි වාර්තා විය.
ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර ඉකුත් සිකුරාදා (3) රාත‍්‍රියේ ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
අමාත්‍යවරුන් කිහිප දෙනකුට එල්ල වී ඇති චෝදනා සැළකිල්ලට ගෙන මෙම වෙනස කරන්නට නියමිතව තිබුණත්
ඉදිරි දිනවල දේශපාලන ක්ෂ‍ෙත්‍රයේ මතුවන ප්‍රවණතා සැලකිල්ලට ගෙන කැබිනට් සංශෝධනය මාස කිහිපයකින් කල්දැමීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment