හෘදයාබාධ සඳහා ක්ෂණික ප්‍රතිකාර ලබාදීමට නව ඖෂධයක්

හෘදයාබාධ සඳහා ක්ෂණික ප්‍රතිකාර ලබාදීමට නව ඖෂධයක්

හෘදයාබාධයක් ඇති වුවහොත් ක්ෂණිකව ප්‍රතිකාර කර ඉන් රෝගියා ගලවා ගැනීම සදහා විදේශිය රටක නිෂ්පාදිත ඖෂධයක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ අවධානය යොමුව තිබේ.

දැනට එම ඖෂධයක් රුපියල් 120,000 කට අලෙවි වන අතර, ඊට වඩා අඩු මුදලකට ලංකාවට මෙම ඖෂධය ගෙනඒම සදහා සාකච්ඡා ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් සදහන් කරන ලද්දේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමඟ සෞඛ්‍ය ඇමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

හෘදයාබාදය ඇති වී පැය 03 ක කාලයක් ඇතුළත මෙම ඖෂධය ලබාදීමෙන් රෝගීයාගේ ජිවිතය බේරාගත හැකි බව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දී ඇත.

ඕනෑම රෝහලක හෝ ජංගම සායනයක දී මෙම ඖෂධය ලබාදීමෙි හැකියාව ඇත. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment