කුඩු රොෂාන් ඝාතනය කෙරේ

කුඩු රොෂාන් ඝාතනය කෙරේ

වනාතමුල්ල ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන චාමර සදරුවන් නොහොත් වනාතේ කුඩු රොෂාන් ඝාතනය කර තිබේ.

අද (5) වනාතමුල්ල ප්‍රදේශයේ ක්‍රිඩංගණයක් අසලදී මෙම ඝාතනය සිදු කර ඇති බව පොලීසිය පවසයි.

තියුණු ආයුධවලින් පහරදි මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලිසිය සිදු කළ මූලික පරික්ෂණවලින් අනාවරණය වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි වනාතමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මළ සිරුර කොළඹ ජාතික රෝහලේ තබා  ඇති බව පොලීසිය සඳහන් කළේය.

කවුරුන් විසින් මෙම ඝාතනය සිදු කර ඇත්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි.

බොරැල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment