වනාතේ කුඩු රොෂාන් කඩු පහරින් කීතු කීතු වෙයි

වනාතේ කුඩු රොෂාන් කඩු පහරින්
කීතු කීතු වෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන චාමර සඳරුවන් හෙවත් වනාතේ කුඩු රොෂාන් නැමැත්තකු බොරැල්ල වනාතමුල්ලේදී අද දහවල් නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු කඩු ඇනුම් සිදු කර කපා කොටා මරා දමා තිබේ.
බොරැල්ල එම්.එච්. මොහොමඞ් ක‍්‍රීඩාංගණය ආසන්නයට ඔහු අද ගමන් කරමින් සිටි වේලාවක් බලා
ඔහු පසුපස ලුහුබඳින ලද

බව කියන මිනීමරුවන් දෙදෙනා කඩුවකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බව වාර්තාවේ.
මත්කුඩු ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක ප‍්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවට පොලිසිය සැකකරනවා.
මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු බව කියන  මොහු  පොලිසියට අවස්ථා ගණනාවක කොටුවූ පුද්ගලයෙකු වන අතර දේශපාලන ආරක්ෂාව හා අනුබලය ලැබී අවස්ථා ගණනාවක නිදහස්ව සිටි අයෙකි.‘‘ වනාතේ කුඩු රොෂාන්’’ නමින් එම ක්ෂේත්‍රෙය් ප්‍රකට නමක් දිනූ පාතාල සාමාජිකයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment