විගණකාධිපති වාර්තාව ගැන විවාදයක් - ආණ්ඩු පක්ෂයේ තීරණයක්

විගණකාධිපති වාර්තාව ගැන විවාදයක් - ආණ්ඩු පක්ෂයේ තීරණයක්

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමට අදාලව විගණකාධිපතිවරයා විසින් නිකුත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට ආණ්ඩු පක්ෂය තීරණය කර තිබේ. 

බැඳුම්කර නිකුතුවට අදාළව මේ වන විට පාර්ලිමේන්තුව තුළ විවාදයක් පවත්වා ඇත්තේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා වාර්තාව හෙවත් කෝප් කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් පමණි.

ශ්‍රී ලංකා මහබැංකු බැඳුම්කර නිකුතුවට අදාළ කෝප් කමිටු වාර්තාව විවාද කර අවසන්ව ඇති බැවින් ඊට අදාළව විගණකාධිපතිවරයා නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන්ද විවාදයක් ඉල්ලා සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

කෝප් කමිටු විවාදයේදී සේම විගණකාධිපති වාර්තාව පිළිබඳ විවාදයේදීද එහි හොඳ මෙන්ම නරකද පැවසෙනු ඇතැයි මුදල් ඇමති රවී කරුණානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment