70 වන නිදහස ඌවට ඉල්ලයි

70 වන නිදහස ඌවට ඉල්ලයි
70 වන ජාතික නිදහස් සැමරුම් උත්සවය ලබන වසරේ ඌව පළාතේ පැවැත්විය යුතු බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.
 
1818 නිදහස් සටහනට වසර 200ක් සම්පූර්ණ වන ලබන වසරේ එම විරුවන්ට ගෞරවයක් ලෙස ජාතික නිදහස් සැමරුම ඌව පළාතේ පැවැත්විය යුතු බව ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙයි.
 
69 වන ජාතික නිදහස් උත්සවය නිමිත්තෙන් බදුල්ල විල්සන් ඩයස් ක්‍රීඩංගණයේ පැවැති උත්සවයට එක්වෙමින් චාමර සම්පත් දසනායක මහතා මේ බව පැවසීය.
 
මෙම උත්සවයේදී 1818 විමුක්ති අරගලයේදී රාජ්‍ය ද්‍රෝහීන් ලෙස නම් කර තිබූ ජාතික වීරයින් 19 දෙනා ජාතික වීරයින් ලෙස ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනයද බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ඉදිරිපත් කර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment