නිදහස් දා කළු පටි පළඳී

නිදහස් දා කළු පටි පළඳී

අභිමානවත් 69 වන නිදහස සමරමු69 වන නිදහස් දිනයේදී උතුරු පළාත් සභා මන්ත්‍රී  එම්.කේ.සිවාජිලිංගම්  මහතාගේ ප්‍රධානත්වයෙන් කළුපටි පැළඳ විරෝධතාවක්  පවත්වා තිබේ.

ඒ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදීය.

නිදහස් දිනය අභිමානවත් අයුරින් සැමරුවද දෙමළ ජනතාවට නිදහසක් නොමැති බව පවසමින් මෙම විරෝධතාවය පවත්වා තිබේ.

දෙමළ ජනතාව විසින් ඉල්ලා සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදන් වූවන් පිළිබඳව නිසි ක්‍රියාමාර්ගයන් නොගැනීම යන කරුණු මුල් කර ගනිමින් මෙම විරෝධතාවය පවත්වා ඇති බව වාර්තා වෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment