ඇමති පාරිභෝගිකයා මුලා කරයි?

ඇමති පාරිභෝගිකයා මුලා කරයි?

සහල් සඳහා පාලන මිලක් නියම නොකර තිබියදී අමාත්‍යවරයා විසින් පාරිභෝගිකයා මුලා කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් ඔවුන් මේ බව පෙන්වා දී ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ,

මාධ්‍ය නිවේදනය-පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය 

සහල් සඳහා පාලන මිලක් නියම නොකර තිබියදී ඇමතිවරයා පාරිභෝගිකයා මුලා කරයි.

සහල් සදහා පාලන මිලක් නියම කර ඇති බවත් රු. 66 ට වඩා කැකළු සහ නාඩු සහල් අලෙවි නොකරන ව්‍යාපාරිකයින් නීතිය ඉදිරියට ගෙන ඒමට පාරිභෝගික අධිකාරියට උපදෙස් දුන් බවත් වාණිජ හා කර්මාන්ත ඇමතිවරයා පැවසීම කිසිඳු පදනමක් නැති ප්‍රකාශයකි.එසේම එයට කිසිදු නීතිමය පදනමක් නොමැත.

එසේ පාලන මිලක් ඇති කිරීමට නම්  2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පන‍තේ 20 (4) වගන්තිය යටතේ ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතුය. අදාළ  ගැසට් පත්‍රය නිකුත් නොකර ජීවන වියදම් කමිටුව ගත් තීරණය පිළිබදව විටින් විට ප්‍රකාශ කිරීම තුළින් පාරිභෝගිකයා නොමග යන අතර වෙළෙන්ඳන් හා පාරිභෝගිකයා අතර ගැටුමක් නිර්මාණය කරයි.

ඇමතිවරයාගේ ප්‍රකාශ මඟින් මෙරට පාරිභෝගිකයාගේ කුස නොපිරෙන බැවින් වහාම  සහල් සඳහා පාලන මිලක් නියම කරන ලෙසත් එම පාලන මිල ක්‍රියාත්මක කිරිම සඳහා අබල දුබල නොවන සභාපතිවරයෙක් පාරිභෝගික අධිකාරියට පත් කරන ලෙසත් අප රජයෙන් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති,
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment