රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රය තාවකාලිකව වසාදමා තිබේ.
විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගාමිණී සේනානායක මහතා සඳහන් කළේ විශ්වවිද්‍යාල සිසුන් හා ගම්වාසීන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ සියලු අධ්‍යන කටයුතු නතර කර සිසුන්ට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස පාලනාධිකාරිය දැනුම්දී තිබේ.
0 comments :
Post a Comment