ශ්‍රී ලංකා පිතිකරුවන්ට මීමැස්සන්ගෙන් බාධා

ශ්‍රී ලංකා පිතිකරුවන්ට මීමැස්සන්ගෙන් බාධා

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් අතර අද (04) ජොහැන්නස්බර්ග් නුවර දී පැවැත්වෙන එක්දින තරගයේ දී ලංකාව පන්දුවට පහර දෙමින් සිටින අතරතුර පිටියට කඩා වැදුණු මී මැසි රංචුවක් හේතුවෙන් තරඟය දෙවරක් තාවකාලිකව නතර කිරීමට තරඟ තීරකයෝ කටයුතු කළහ.

විසි හත්වන ඕවරය වන විට කඩුලු හතරක් දැවී ලකුණු එකසිය දාහතක් රැස්කරගෙන සිටි ශ්‍රී ලංකා පිල පන්දුවට පහරදෙමින් සිටියදී තරගය නිල වශයෙන් නතර කරන ලෙස තීරකයෝ නිවේදනය නිකුත් කළහ.

ක්‍රීඩා පිටිය නඩත්තු කිරීමේ කටයුතු වල නිරත සේවකයෙකු ගිනි නිවන උපකරණයක් භාවිතා කොට මීමැස්සන් පලවා හැරීමට තැත් කළද පසුව මීමැසි පාලනයේ යෙදෙන්නෙකු පිටිය වෙත ගෙන ඒමට බලධාරීහු කටයුතු කළහ.

කෙසේ වෙතත් පැයකුත් විනාඩි පහක කාලයක් තරඟය තාවකාලිකව නතර කොට තිබුනද මීමැස්සන් පලවා හැරීමෙන් පසු නැවත ක්‍රීඩකයෝ පිටියට පිවිසුනහ.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කරන ලද්දේ නිරෝෂන් දික්වැල්ල විසිනි.

මී මැසි රංචුවක් හේතුවෙන් තරඟය දෙවරක් තාවකාලිකව නතර කිරීමට තරඟ තීරකයෝ කටයුතු කළහ

AFP_LE5ZX

මී මැසි රංචුවක් හේතුවෙන් තරඟය දෙවරක් තාවකාලිකව නතර කිරීමට තරඟ තීරකයෝ කටයුතු කළහ

AFP_LE62M

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment