විජිත රෝහණට ඇප


මහජනයා නොමග යවන අයුරින් අසත්‍ය  ප්‍රකාශ කළේයැයි සැකපිට අත්අඩංගුවට ගත් ජෝතිර්වේදී විජිත රෝහණ විජේමුණි මහතා අද දහවල්
ඇප මත මුදා හරින ලෙස
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය.
රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් හා රුපියල් 10,000 මුදල් ඇපයක් සැකකරුට නියම විය.
රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් රෝහණ මහතා ඊයේ (31) රාත්‍රී මහේස්ත්‍රාත් නිළ නිවසට ඉදිරිපත් කළ අතර එහිදී ඇප නියම වුවත් ඇප කොන්දේසි සපිරීමට අවස්ථාවක් නොවූයෙන් ඔහු බන්ධනාගාර ගත කෙරිණි.
පසුව සැකකරු අද ඇප තැන්පත් කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment