මට මඩ ගහපු ෆේස් බුක් කෑලි එකතු කරපු හොඳ ෆොල්ඩර් එකක් මං ගාව තියනවා - පොලිස්පති පූජිත් ජයසුන්දර


මට මඩ ගහපු ෆේස් බුක් කෑලි එකතු කරපු
හොඳ ෆොල්ඩර් එකක් මං ගාව තියනවා

- පොලිස්පති පූජිත් ජයසුන්දර

පසුගිය කාලයේ ෆේස් බුක් සමාජ ජාලය ඔස්සේ දැඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයින් අතර පොලිස්පති පූජිත් ජයසුන්දර එක් අයෙකි. ඔහුට ආ දුරකථන ඇමතුමකට රූපවාහිනී කැමරා ඉදිරියේ පිලිතුරු දෙන්නට යාමෙන් එම සිද්ධිය පාර්ලිමේන්තුව දක්වා දුරදිග ගියේය.
මෙවර සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වමින් පොලිස්පතිවරයා ඒ දවස්වල තමන්ට පහරගැසූ
අයගේ මතකය තවම ඇති බව සඳහන් කර තිබුනේ අපූරු ආකාරයටය.
ඒ මෙසේය.
‘ෆේස්‌බුක්‌ ගැන මගේ කිසිම උනන්දුවක්‌ නැහැ. මමත් කාලයක්‌ ෆේස්‌බුක්‌ පරිශීලනය කළා. දැන් තියෙන රාජකාරිත් එක්‌ක ඒක කරන්න වෙලාවක්‌ නැහැ.
පසුගිය කාල සීමාවේ පොලිස්‌පති පූජිත් ජයසුන්දර ෆේස්‌බුක්‌ වෙබ් අඩවි හරහා දැඩි ප්‍රහාරයන්ට ලක්‌ කළා. මේ හැම කෙනාම මට ගැහුවේ මම පූජිත් ජයසුන්දර නිසා. ෆේස්‌බුක්‌ වලින් මේ විදිහට මට පහර දුන්නෙ එක එක පෞද්ගලික අරමුණු තිබිච්චි අය.

ඇතැම් අය දේශපාලන අරමුණුවලට මේක කළා. තවත් අය තනතුරු උසස්‌වීම් බලාගෙන මේක කළා. තවත් අය මුදල් පරමාර්ථයෙන් වෙනත් ලාභ ප්‍රයෝජන බලාගෙන ෆේස්‌බුක්‌ වලින් මට මඩ ප්‍රහාර එල්ල කළා. මේ හැම දෙයක්‌ම කළේ සංවිධානාත්මක කණ්‌ඩායම් කීපයක්‌.

කොයි තරම් මට මඩ ප්‍රහාර එල්ල කළත් ඒ කිසිවකින් මම වැටුණේ නැහැ. වැටෙන්නෙත් නැහැ.
මට මඩ ගහන ෆේස්‌බුක්‌ වාර්තා සියල්ල මම නරඹලා රසවින්දා. ඒ හැම එකක්‌ම මම මගේ එකතුවක්‌ විදිහට තියාගෙන ඉන්නවා.‘
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment