කුමාරවීදියේ ගින්නෙන් කන්ටේනර් 9ක සම්භාණ්ඩ විනාශයි


කුමාරවීදියේ ගින්නෙන් 
කන්ටේනර් 9ක සම්භාණ්ඩ විනාශයි

ඊයේ පිටකොටුවේ කුමාර විදියේ ගොඩනැගිල්ලක ඇතිවූ හදිසි ගින්න නිසා කෝටි ගණනාවක අලාබයක් සිදු විය. විදුලි කාන්දුවක් නිසා ඇතිවූ බවට සැකකරන මෙම ගින්නෙන් පිටකොටුවේ ප්‍රධාන පෙළේ සම් භාණ්ඩ ආනයනික ආයතනයක ගබඩාව මුලුමණින්ම විනාශ විය.
නිව් ඔක්ස්ෆර්ඩ් ට්‍රේඩර්ස් නමැති මෙම ව්‍යාපාරය මහල් 5 කින් යුතු ගොඩනැගිල්ලක
පිහිටා තිබුණි. ගින්න හටගෙන තිබුනේ

3 වන මහලේය. එය ඉහළ මහල් වෙතද පසුව පැතිරී ඇත.ඔවුන් විදේශ වලින් ලංකාවට ආනයනය කරන සම්භාණ්ඩ අතර පාසල් බෑග් සපත්තු ආදිය පහසුවෙන් ගිනි ගැනීමට හැකි ඒවා වූ නිසා ගින්න ඉක්මණින් පැතිරිණි.

ගින්න හටගන්නා අවස්ථාවේ තිදෙනෙකු ඉහළම මහලක සිරවී සිටි අතර අවට ගොඩනැගිලිවල අයගේ උදව්වෙන් ඔවුනගේ ජීවිත බේරාගන්නා ලදි.

කුමාර වීදියේ ගොඩනැගිලි බොහෝ විට එකිනෙකට යාකරමින් ඉදිකර තිබේ. මේ නිසා ගින්නක් වැනි අවස්ථාවක ඒවා පහසුවෙන් අනෙක් ගොඩනැගිලි වෙත පැතිරීමේ අවදානමක් පවතී නමුත් ගිනි නිවන හමුදාව සිදු කළ මෙහෙයුමෙන් එම ගින්න අනෙක් ගොඩනැගිලි වෙත පැතිරීයාමේ අවස්ථාව වළකන ලදි.
කොළඹ ගිනි නිවන එකකයේ ගිනි නිවන රථ 10 ක් මෙම ගින්න මැඩපවත්වන්නට යොමු කර තිබුණි.
ගින්න හටගන්නට දින දෙකකට පෙර කන්ටේනර 9 ක භාණ්ඩ මෙම ස්ථානයට ගෙනවිත් ගබඩා කරන ලද බවත් ඒ සියල්ල ගින්නෙන් විනාශවූ බවත් ව්‍යාපාර හිමියා ප්‍රකාශ කරන ලදි. සිදුවූ කෝටි ගණනක අලාබය තවම ගණනය කර අවසන් නැත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment