ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමට නව ක‍්‍රමවේදයක්

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමට නව ක‍්‍රමවේදයක්

ඉදිරි මාස තුන ඇතුළතදී පරිගණකය හරහා නාගරික සංවර්ධන අධිකාරිය වෙත ඕනෑම අයෙකුට ගොඩනැගිලි අයදුම්පත‍්‍ර යොමුකළ හැකි නව ක‍්‍රමයක් හඳුන්වා දෙන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව මේ බව ප‍්‍රකාශ කර සිටියේ ඊයේ (18) කෝට්ටේ අංගම්පිටිය ක‍්‍රීඩාංගනය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේදී විශාල ලෙස අක‍්‍රමිකතාල වංචා සිදුවන බවත් එවැනි දූෂණ පිළිබඳව පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී තිබෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කවුරුන් හෝ එවැනි වංචාවන් සිදුකරනවා නම් දැඩිව ඒ සඳහා නීතිය කි‍්‍රයාත්මක කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

බම්බලපිටිය සිට වැල්ලවත්ත ප‍්‍රදේශයේ සිදු කරනු ලැබූ සංගණනයක් මගින් නීති විරෝධී ඉදිකිරීම් 1800 ක් පමණ තිබෙන බව සොයාගෙන ඇති බවත්ල කොළඹ නගරයේ පමණක් දස දහසකට ආසන්න ප‍්‍රමාණයක් තිබෙන බවත් හඳුනාගෙන ඇත.

ඉදිරි හය මාසය ඇතුළත සෑම නගරයකම සහ උපනගරයකම තිබෙන නීති විරෝධි ඉදිකිරීම් සියල්ල සංගණනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී ඇති බවත්ල නගර සභාවල සහ ප‍්‍රාදේශීය සභාවල නගරාධිපතිවරුල සභාපතිවරු නිල වශයෙන් පත්වීමෙන් පසු ඒ අය වෙත මෙම සැලසුම පිළිබඳව පැහැදිලි කර විධිමත්වල සබුද්ධිකව ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුත්ත සිදුකිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

මෙම කාරණය පිළිබඳ බලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුව සතුවන අතර එමගින් ලැබෙන නියෝග අනුව කි‍්‍රයාත්මක වන බවත් පැවසූ අමාත්‍යවරයා වෙනත් ආයතනවල වහසිබස් සඳහා කි‍්‍රයාත්මක නොවන බවත් පැවසී ය.

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment