රන්ජන්ගේ දුරකථන සංවාදය ගැන පරීක්ෂණයක් ඉල්ලයි

රන්ජන්ගේ දුරකථන සංවාදය ගැන පරීක්ෂණයක් ඉල්ලයි

දිවුලපිටියේ ප්‍රාදේශීය ලේකම්වරිය හා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අතර පැවැති දුරකථන සංවාදය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව  සමස්ත ලංකා රජයේ සංවර්ධන නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තීය සංගමය පවසයි.

අමාත්‍යවරයා දුරකථනයෙන් එල්ල කරන ලද තර්ජනය සමස්ත රාජ්‍ය සේවාවටම එල්ල කරන ලද තර්ජනයක් බවත් එබැවින් ඒ පිළිබඳව ජනපතිවරයා හා අගමැතිවරයා මැදිහත්ව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් එම සංගමය අවධාරණය කර සිටියි.

පෙරේදා (03) නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව පැවසී ය.

සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සමාව ගත යුතු බවද එම සංගමය සඳහන් කළේය.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. රංජන්ගේ මේ ක්‍රියාව නිසා රාජ්‍ය සෙවයේ නිදාසිටින හොර තක්කඩින්ට හොද පහරක්. ඒක දරාගන්න බැරුව තමා මේ දගලන්නේ. මුලු ලංකාවම දන්න දෙයක් තමා රාජ්‍යසේවයම දූශිතයි කියල. ඉන්න සුලුතරයක් අවංක රාජ්‍යසේවකයින්ට පමනක් සමස්තය ඇදගෙන යන්න බෑ. රංජන්ගේ කතාවිලාශය ටිකක් අශිෂ්ටයි තමා. ඒත් ශිෂ්ටව කතාකරන්න තරම් සුදුසු මානව සමාජයක් අපිට නෑ. සරලව කිව්වොත් අපේ උන්ට හොදින් කිව්වට වඩා නරකින් කිව්වහම තමා හොදට වදින්නේ.

    ReplyDelete