GMOA, ජවිපෙ විශේෂ හමුව අද

GMOA, ජවිපෙ විශේෂ හමුව අද

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (6) දිනයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් හමුවීමට නියමිතව තිබේ.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් දේශපාලනඥයින් දැනුවත් කිරීමේ වැඩසටහනේ තවත් එක් අදියරක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේය.

ඉදිරියේ දී ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින් සමඟ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment