තමිල්නාඩුව යළි ජයලලිතා යෙහෙළිය ශෂිකලාට

තමිල්නාඩුවේ නව ප්‍රධාන අමාත්‍යවරිය ලෙස ශෂිකලා නටරාජන් දිවුරුම් දීමට නියමිත බව ඉන්දියාවෙන් ලැබෙන ආරංචි සඳහන් කරනවා.ජයලලිතා ජයරාම්ගේ සමීපතම මිතුරියක වන ශෂිකලා නටරාජන් මේ වන
විට ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂයේ නායකත්වයට ද
පත් කර තිබෙන අතර ජයලලිතා අසනීප වූ කාලයේ සිට එම ධූරයේ වැඩ බැලූ එම පක්ෂයේ ඕ පනීර්සෙල්වම් ශෂිකලාට තනතුර දීම සඳහ අද සිය ධුරයෙන් ඉල්ලා අස්වි ඇත.
පක්ෂය ලබාදුන් තීරණයකට අනුව ශෂිකලා නටරාජන් මහඇමති ධුරයට පත් කිරීමට නියමිතය.
ජයලලිතා අම්මා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වද්දී ශෂිකලා හැදින්වූයේ චින්නම්මා යන නාමයෙන්ය.
ජයලලිතාගේ මරණයට ශෂිකලා හේතුවූ බවට පසුගිය කාලයේ කටකතා පැතිරුණත් ඒවා තර්කානුකූලව කිසිවෙකු තහවුරු කර තිබුනේ නැත.
ශෂිකලා ප්‍රබල ජයලලිතා වාදිනියක වන අතර ලංකාව සම්බන්ධයෙන් කොටි හිතවාදී ප්‍රතිපත්ති අනුගමනය කරන්නියකි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment