සයිටම් තීන්දුව නිසා වැඩියෙන්ම සතුටු මට - SB

වෛද්‍ය උපාධිය පිරිනැමීමට සයිටම් ආයතනයට නිත්‍යානුකූල අයිතියක් ඇති බවට ඊයේ අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවෙන් වැඩියෙන්ම සතුටට පත්වන්නේ තමා බවත් සයිටම් ආයතනය ගොඩනැගීමට වෙහෙසුණු
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට
ආශිර්වාද කරන බවත් ඊයේ (31) සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශයේ  පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.

රජයේ සියලුම වෛද්‍ය පීඨ හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව අනුමත කිරීමෙන් පසුව තමන් උසස් අධ්‍යාපන ඇමතිව සිටි සමයේදී එම ගැසට් නිවේදනය නිකුත් කළද වෛද්‍ය සභාව ඊට එරෙහිව ක්‍රියා කළත් එය නිෂ්ප්‍රභා කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාට බලය ඇති බවද ඔහු හෙළි කළේය.

එහෙත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෘජුව මැදිහත් නොවී අධිකරණය මඟින් ප්‍රශ්නය විසඳා ගැනීමට ඉඩ ලබාදුන් බව හෙතෙම කියා සිටියේය.

සයිටම් ආයතනයේ ගුණාත්මක බව පිලිබඳ ඇතැමුන් ප්‍රශ්න කලද එහි අධ්‍යාපනය ලබන සිසුන් රජයේ වෛද්‍ය විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන්ට වඩා සුදුසුකම් ඇතිබව දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment