අතුරුදන් වූ මෑන්පවර් උප සභාපති ඉංගිරියට ගෙනත් දාලා

අතුරුදන් වූ මෑන්පවර් උප සභාපති ඉංගිරියට ගෙනත් දාලා

ටෙලිකොම් මෑන්පවර් සේවක සංගමයේ උප සභාපති එම් එස් මංගල මහතා ඇස් දෙක රෙදි කැබැල්ලකින් බැඳ අද (01) අලුයම 2.30 ට පමණ ඉංගිරිය නම්බපාන පාලම අසලට ගෙනැවිත් දමාගෙස් සිටියදි සොයාගත් බව පිලියන්දල පොලිසිය පවසයි. 

ටෙලිකොම් මෑන්පවර් සේවකයන් ආරම්භ කර ඇති වැඩවර්ජනය නතර කරන ලෙස තමාට  බල කළ බවත් පසුගිය දා තමා නිවස බලා යමින් සිටියදි කළුපැහැති වෑන් රියකින් පැමිණි පිරිසක් පැහැරගෙන පැය තුනක පමණ ගමනකින් පසු කිසියම් ස්ථානයක හිරකරගෙන සිටි බව ඔහු පොලිසිය ප්‍රකාශ කර තිබේ.

පසුව අද අලුයම තමාගේ ඇස් ආවාරණය කොටගෙන පැය තුනක පමණ ගමනිකින් පසු තමා වාහනයෙන් එළියට තල්ලු කර දමා හෙල්මටයද පොකැට්ටුවද එළියට විසි කර ඔවුන් ගිය බව ද පොලිසියට දුන් කටඋත්තරයේ සඳහන් බව වාර්තා වෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment