ටියුෂන් යන බව කියා ගම්පහ හෝල්වල සිටි බාලවයස්කාර යුවළ 24 ක් පොලිසිය අල්ලයි


අද ගම්පහ ප්‍රදේශයේ සිනමාහල් පරීක්ෂාවක නිරතවූ පොලිසියට නිවෙස්වලට ටියුෂන් යන බව දන්වා
සිනමාහල්වල
රැඳී සිටි බාලවයස්කාර යුවළ 24 ක් (තරුණ තරුණියන් 48 ක්) අත්අඩංගුවට ගන්නට හැකිවී තිබේ. ඔවුන් පොලිසියට කැඳවා පසුව දෙමාපියන්ද ගෙන්වා භාරදීමට පොලිසිය කටයුතු කර තිබේ.
ගම්පහ කොට්ඨාශයේ ළමා කාන්තා ඒකකය මෙම වැටළීම සඳහා මූලිකවී තිබේ. අත්අඩංගුවට පත් අය සිනමා හල් තුළ අසැබි ලෙස හැසිරෙමින් සිටි බවත් පොලිසිය වාර්තා කර තිබේ.
Share on Google Plus

About Nayomi Kumari

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment