යාපනේ ‘ආවා ගෘප් ‘ එකේ ප්‍රධානියකු දෙහිවලදී මාට්ටු


පසුගිය කාලයේ රට තුළ විහාල ආන්දෝලනයක් ඇති කළ යාපනයේ පාතාල කල්ලියක් වන ආවා ගෘප්හි ප්‍රධාන නායකයකු බව කියන පුද්ගලයෙකු ඊයේ (18) දෙහිවලදී පොලිස් අත්අඩංගුවට පත්වූ බව මාධ්‍ය
ප්‍රකාශක කාර්යාලය දන්වා සිටී.
සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඔහු අපරාධ සඳහා යොදාගත් කඩුවක්ද සොයාගෙන ඇති බව පොලිස් නිවේදනයේ දැක්වේ.
සැකකරුව අද යාපනය වෙත ගෙන ගෙස් අධිකරණයට යොමු කළ අතර ලබන මාර්තු 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ප්‍රශ්න කිරීමට අවසර ලබාදී ඇත. ඔහුගේ තොරතුරු අනුව තවත් සැකකරුවන් අල්ලාගන්නට තොරතුරු ලැබී ඇති බව වාර්තාවේ. ආවා කල්ලිය සම්බන්ධ පොලිස් විමර්ශන නොමග යවන්නට ඔවුන් යාපනය අතැර දිවයිනේ විවිධ පෙදෙස් වලට විසිරී සැඟව ඇති බවද අල්ලාගත් සැකකරු සැපයූ තොරතුරු වලින් අනාවරණයවී ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment