පොළොන්නරුවේ උෂ්ණත්වය 38 නුවරඑළියේ 24 යි විජලනයෙන් පරිස්සම් වන්න


පොළොන්නරුවේ උෂ්ණත්වය 38 නුවරඑළියේ 24 යි
විජලනයෙන් පරිස්සම් වන්න

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණ තත්වය හේතුවෙන් වෙන කවරදාටවත් වඩා ඉහළ උෂ්ණත්ව අගයන් දිවයිනේ නන්දෙසින් වාර්තා වී තිබේ.ගෙවුනු දශක දෙකක කාලයක සිට රට පුරා පාරිසරික පද්ධති වල ඇති වු වෙනස්කම් දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේදී අධික උණුසුම් තත්ත්වයක්
මතුවන්නට හේතුවී තිබේ.
ඉතිහාසයේ වාර්තාගත ඉහළම උෂ්ණත්වය ඉහළ යෑම පෙරේදා (26දා) පොළොන්නරුවෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම ප්‍රමාණය සෙල්සියස් අංශක 38ක් බවත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය 45 කට අසන්න මීටත් වඩා වැඩි අගයක් ගන්නා බවත් කියැවිණි.
නුවරඑළියේ සාමාන්‍ය


උෂ්ණත්වය සෙල්සියස් අංශක 13 සිට 17ක් දක්වා අගයක පවතින අතර මේ වන විට නුවරඑළිය තුළ දැඩි උණුසුමක් දැනෙන්නට පටන් ගෙන ඇත. දැන් නුවරඑළිය උෂ්ණත්වය 24 ක්‍ දක්වා ඉහල අගයක් ගෙන තිබේ.
මේ තත්ත්වය තුළ වගා කටයුතු සඳහා බිම් සැකසීමේ යෙදී සිටින ගොවීන් හා පාසල් සිසුන්ද එළිමහනේ රැකියා කරන අය විජලනය ඇතිවීමේ අවදානම නිසා හැකි තරම් ජලය වැඩිපුර පානය කළ යුතු බවත් එළිමහනේ ගැවසීම පෙරවරු 10.00 සිට පස්වරු 4.00 කාලය තුළ අඩු කරන ලෙසත් සෞඛ්‍ය අංශ දන්වා තිබුණි.
මේ සමග පළවන්නේ අද 28 නිකුත්වූ කාලගුණ වාර්තාව අනුව ප්‍රෙද්ශ කිහිපයක උපරිම හා අවම උෂ්ණත්ව අගයන්ය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment