ෆොන්සේකාට හමුදාවට උඩින් තනතුරු දීම කෙප්පයක්


ෆොන්සේකාට හමුදාවට උඩින් තනතුරු දීම 
කෙප්පයක්

වැඩ වර්ජන අවස්ථාවකදී අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යෑම කළමනාකරණය කිරීම සඳහා සරත් ෆොන්සේකා මහතාට තනතුරක් ලබාදීම පිළිබඳව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය සාකච්ඡාවට බඳුන් කිරීම සත්‍යයක් වුවත් එවැනි තනතුරක් දීමට ජනපතිවරයා තීරණයක් ගෙන නැති බව

අමාත්‍ය මහින්ද අමරවීර මහතා

ඊයේ මාධ්‍ය හමුවකදී දැනුම් දුන්නේය.
මේ අවස්ථාවට එක්වඋ ැමති එස් බී දිසානායක කියා සිටියේ එම සාකච්ඡාව අවස්ථාවේ ජනපතිවරයා එවැනි තනතුරක් ගැන කියා සිටියේ විහිළුවට පමණක් බවකි.
 කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශයක් වැරැදි අවබෝධයකින් මාධ්‍ය වාර්තා කර ඇති බව ඇමති අමරවීර ඒ සමගම පැහැදිලි කර සිටියේය.
වැඩ වර්ජන උද්ඝෝෂණ වැනි අවස්ථාවකදී මහජන පීඩනය අවම කර ගැනීම සඳහා සරත් ෆොන්සේකා මහතා සතු වෘත්තීය පළපුරුද්ද සහ දැනුම ප්‍රයෝජනයට ගනිමින් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගැනීමත් ඒවා කළමනාකරණයත් තුළින් ජනතාවට සිදුවන පීඩනය අවම කර ගැනීමේ පරමාර්ථයෙන් ජනාධිපතිවරයා එවැනි යෝජනාවක් කළ නමුත් එවැනි පදවියක් හෝ තනතුරක් ලබාදීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන නැති බවත් එහිදී කියැවිණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment