කොළඹ කසළ ප්‍රශ්නෙට මෙහෙයුම් මැදිරියක්‌

කොළඹ හා අවට නගරවල කසළ කළමනාකරණය විධිමත්ව සිදු කිරීම සඳහා විශේෂ කාර්ය සාධන බළකායක්‌ හා මෙහෙයුම් මැදිරියක්‌ පිහිටුවීමට රජය තීරණය කර තිබේ.

කොළඹ නගරයේත්
අවට නගරවලත් අවිධිමත් ලෙස කසළ ගොඩ ගැසී ගැටලු පැන නැඟීම පිළිබඳව සැලකිල්ලට ගෙන මෙම පියවර ගැනීමට පළාත් සභා හා පළාත් අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙම කාර්ය සාධක බළකායට කසළ කළමනාකරණයට සෘජුවම සම්බන්ධ රාජ්‍ය ආයතනවල නිලධාරීන් පත් කිරීමට නියමිතය.

ඒ සමඟ ලැබෙන පැමිණිලි විධිමත්ව සොයා බලා ක්‍රියාමාර්ග ගැනීමට මෙහෙයුම් මැදිරියක්‌ ද පිහිටුවීමට නියමිතය.

කසළ බැහැර කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ද මෙම බළකාය මගින් සිදු කරනු ලබයි.

(රනිල් ධර්මසේන)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment