දිවියෙන් සමුගත් යතුරු පැදි ශූර ආනන්ද වෙඩිසිංහගේ මරණීය අනතුර සිදුවූ හැටි (වීඩියෝ)



දිවියෙන් සමුගත් යතුරු පැදි ශූර ආනන්ද වෙඩිසිංහගේ
මරණීය අනතුර සිදුවූ හැටි (වීඩියෝ)

නුවරඑළිය මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී පසුගිය අප්‍රේල් 23 අනතුරකට ලක්ව මහනුවර මහ රෝහලේ සති 5 ක පමණ කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ යතුරුපැදි ශූර ආනන්ද වෙඩිසිංහ ඊයේ (29) පස්වරුවේ මියගියා.අනතුරින් වෙඩිසිංහගේ හිස ලී කොටයක වැදී පාදයක්ද දැඩි ලෙස බිඳීයාම නිසා ලද බරපතල තුවාල
මරණයට හේතු විය.
මිය යන විට 47 වැනි වියේ පසුවූ වෙඩිසිංහ සිවුදරු පියෙකි. මියයන තෙක්ම සිහිසුන් තත්වයෙන් පසුවූ ඔහු සුවකිරීමට හැකි ප්‍රතිකාර ජපානයට ගොස් කළ හැකි බව පවුලේ අයට දැනගන්නට ලැබී තිබුණ මුත් ඔහුගේ බිරිද සහ දරුවන්ට ඒ සඳහා අවශ්‍ය වූ  මිලියන 39 ක පමණ මුදල සොයාගත හැකිවී තිබුනේ නැත.
 පිට පිට 6 වරක් නරියාකන්ද සුපර්ක්‍රොස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාසිටි වෙඩිසිංහ කිහිප වරක්ම ජාතික මොටෝ ක්‍රොස් ශූරතාවටද දිනා ඇත.ශ්‍රී ලංකා යුද හමුදාවටත්, රණවිරුවන්ටත් නිතර උපකාර කළ අයෙකු ලෙසද ඔහු ප්‍රකටය.
නුවරඑළිය තරගාවලියේ සුපර් මෝටාර් තරගයේදී සුරාජ් පෙරේරාගේ යතුරුපැදිය සහ සිය යතුරුපැදිය එකිනෙක ගැටීමෙන් ආනන්ද වෙඩිසිංහ අනතුරට ලක්විය. එකිනෙක පැටලීම නිසා එහිදී ඔවුන් දෙදෙනාටම සිය යතුරුපැදි පාලනය කරගැනීමට නොහැකි වූ අතර පාලනයෙන් ගිලිහුණ වෙඩිසිංහගේ යතුරුපැදිය ආරක්ෂක වැටක ගැටී ඉවතට විසිව ගියේය.
වෙඩිසිංහගේ හිස ලී කොටයක වැදී පාදයක් දැඩි ලෙස බිඳීයාමකට ලක්වූ පසු මුලින්ම නුවරඑළිය රෝහලට ඇතුළත් කළ නමුත් අවශ්‍ය ප්‍රතිකාර කිරීම සඳහා එහි ප්‍රමාණවත් තරම් පහසුකම් නොමැති වූ බැවින් ඔහුව මහනුවර මහ රෝහලට මාරුකර තිබුණි. ඔහු මියගියේ එහිදීය.
අනතුර සිදුවන අවස්ථාවේ ලබාගත් වීඩියෝවක් පහතින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment