සිනමා විචාරක - සරසවිය කර්තෘ සුනිල් මිහිඳුකුල සමුගනී

සිංහල සිනමා විචාරකයෙකු ලෙස ප්‍රකට
නමක් දිනාසිටි සිළුමිණ සමකර්‍තෘ මෙන්ම සරසවිය කර්තෘ සුනිල් මිහිඳුකුල මහතා අද (30) අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඔහු 58 වැනි වියේ පසුවිය.
මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු 1979 දී ‘ලංකාදීප‘ පුවත්පතට සම්බන්ධවී සිය පුවත්පත් ජීවිතය අරඹා තිබේ.
‘සත්දින‘ ,‘පියකරු‘ ‘දෙසතිය‘, නවලිය, රසඳුන , දිනමිණ, ඇතුළු පුවත්පත් රැසකට සම්බන්ධ වූ මිහිඳුකුල මහතා මියයනවිට සරසවිය සිනමා පුවත්පතේ කර්තෘවරයාද විය.
ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (1) සිදුකිරීමට නියමිතය. දේහය කොට්ටාව පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment