පොලිසිය අත්ඩංගුවට ගන්නට යාම වැරදේ අද සවස මල්වතු විහාරය ඉදිරිපිට ගලගොඩගොඩඅත්තේ ඥාණසාර හිමියන් උපවාසයේ


පොලිසිය අත්ඩංගුවට ගන්නට යාම වැරදේ
අද සවස මල්වතු විහාරය ඉදිරිපිට
ගලගොඩගොඩඅත්තේ ඥාණසාර හිමියන් උපවාසයේ


පූජ්‍ය ගලගොඩගොඩඅත්තේ ඥාණසාර හිමියන් පෙරේදා රාත්‍රී කුරුණෑගල යාබද මහමගකදී පාර හරස් කර අත්අඩංගුවට ගැනීමට යාම වැරදී ගිය පුවතක් සහ උන් වහන්සේ අද සවස මල්වතු විහාරය ඉදිරිපිට උපවාසයක් ඇරඹීමේ සිද්ධි දෙකක් වාර්තාවේ.
කොළඹ අපරාධ විමර්ශන
කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් දසදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පෙරේදා රාත්‍රී ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට වැල්ලව පේද්දව සුළුගල් විහාරයේ  ධර්ම දේශනාවට සහභාගි වී වාහනයෙන් පිටත්ව යද්දී දැරූ උත්සාහයක් මුලින් වාර්තා විය.


ඥාණසාර හිමියන් සමග බොදුබල සේනා සංවිධානයේ තවත් හිමිවරුන් පිරිසක් හා එහි සාමාජිකයින් පිරිසක් කුරුණෑගල දෙසට අාපසු ගමන් කරමින් සිටියදී රාත්‍රී 11.00 ට පමණ මෙම සිදුවීම සිදුව ඇත.

ඥාණසාර හිමි ගමන් කළ වාහනය හරහට වාහනයක් නතර කර පොලිස් කණ්ඩායම දැනුම්දී ඇත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව වරෙන්තුවක් ඇති බවත් එම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බවත්ය.

නමුත් හිමියන් සමග ගමන් කළ පිරිස එයට ඉඩදී නැත.මේ අවස්ථාවේදී ඥාණසාර හිමියන් දැඩි ආවේගශීලීව පොලිස් නිලධාරීන්ට දොස් පැවරූ බවද වාර්තා විය.

විශාල පිරිසක් වටවී ඥාණසාර හිමියන්ට සහාය පළකරමින් පොලීසියේ ක්‍රියාකලාපයට විරෝධය දැක්වූ නිසා පොලිසිය එම උත්සාහය අතහැර දමා ඇත.

අනතුරුව හිමියන් එතැනින් පිටව ගිය අතර අද මහනුවර මල්වතු විහාරයට වැඩම කර කරුණු පැහැදිලි කර අද සවස මල්වතු විහාරය ඉදිරිපිට සිට උන් වහන්සේ උපවාසයක් අරඹා ඇත. එහි හේතුව ලෙස දක්වා ඇත්තේ බෞද්ධයන්ට සිදුවන සියලු අකටයුතුකම් වලට තමන් විරුද්ධ බවයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment