වැල්ලවත්තේ කඩා වැටුන බිල්ඩිමේ සිරවී සිටින තරුණයා බේරාදෙන්නැයි හැටන්හි උද්ඝෝෂණ



වැල්ලවත්තේ කඩා වැටුන බිල්ඩිමේ සිරවී සිටින 
තරුණයා බේරාදෙන්නැයි හැටන්හි උද්ඝෝෂණ

පසුගියදා වැල්ලවත්ත “සැවෝයි” සිනමා අසල පිහිටි ‘එක්සලන්සි‘ ගොඩනැගිල්ල හදිසියේ කඩා වැටුණු සිද්ධියෙන් පසු තවමත් අතුරුදන්ව සිටින එහි ඉදිකිරීම් සේවය කරමින් සිටි බව කියන හැටන්, පතන, ග්‍රේග්ලි තේ වතුයායේ පදිංචිව සිටි තරුණයකු බේරා දෙන ලෙස බලකරමින් අද (20) පෙරවරු 08.30 ට පමණ එම තරුණයාගේ මව හා ග්‍රේග්ලි වතුයායේ කම්කරුවන්
උද්ඝෝෂණයක නිරතවී සිටිනවා.

එම වත්තේ තේ දළු එක්රැස් කරන ස්ථානයේදී උද්ඝෝෂණයක නිරත වූ ඔවුන් පවසන්නේ රාමන් නිරෝෂන් නැමති විසි හැවිරිදි තරුණයා ගොඩනැගිල්ලේ තවමත් සිරවී සිටින බවකි.
වාර්තාවන ආකාරයට මෙම කඩාවැටුණ ගොඩනැගිල්ලේ අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු ඊයේ (19)රාත්‍රී කාලයේත් සිදුවූ අතර එම ස්ථානය  අවට ආරක්ෂාව හා වාහන හැසිරවීම පාලනය කර තවමත් පිරිස් සෙවීමේ කටයුතු සිදුවේ. ඥාතීන් හිතවතුන් අතුරුදන් බවට සැකකරන තිදෙනා පැමිණෙනතුරු වටවී බලාසිටී.

ඡායාරූප -මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක







Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment