බොරු ෆේස් බුක් පණිවිඩ නිසා CERT අමාරුවේ - උපදෙස් දෙනවා පමණයි කියන්න නිවේදනයක්

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය CERT /CC නමැති ආයතනය මගින් සිදු කරන්නේ සමාජ ජාල සම්බන්ධ ගැටලු වලට උපදෙස් දීම පමණක් බවත් එම ගැටලු ෆේස් බුක් හෝ වෙනත් ආයතන වලට යොමු
කර නීතිමය හැසිරවීම නොකරන බවත් ඔවුන් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.
ඔවුන් දන්වා සිටින්නේ දිනපතාම මෙම වැරදි අවබෝධය මුල් කරගෙන තම ආයතනයට පිරිස් පැමිණීමද අනවශ්‍ය බවයි. ඒ සඳහා ඇති දුරකථන අංකයෙන් උපදෙස් ලබාදීම සිදු කරන බව දන්වා සිටින ඔවුන් තමුන් තාක්ෂණික උපදෙස් පමණක් නිකුත් කරන ආයකතනයක් බව අවධාරණය කර සිටී.
මේ අතර ජාති ආගම් වලට අපහාස කරන අය ගැන රජයට දැනුම් දෙන්නැයි කියමින් එම ආයතනයේ අංකය යොදා සමාජ ජාල අතර පැතිරී යන නිවේදනයද වැරදි එකක් බව ඔවුන් දන්වා සිටී.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment