ඒ කාලේ මම ඩෙංගු පාලනය කළේ නිලධාරිනුත් ගස් බැඳලා -මර්වින් සිල්වා



ඒ කාලේ මම ඩෙංගු පාලනය කළේ
නිලධාරිනුත් ගස් බැඳලා
-මර්වින් සිල්වා

රටේ පවතින ගැටලු සහගත සමාජ තත්ත්වයට විසඳුම් ලබාදීම සඳහා නව දේශපාලන පක්ෂයක් තමන්ගේ නායකත්වයෙන් පිහිටුවන බවත් තමා ඒ කාලයේ ඩෙංගු පාලනය කළ හැටියට ළං වෙන්නවත් වත්මන් රජයට නොහැකි බවත් හිටපු ඇමති මර්වින් සිල්වා කලකට පසුව මහනුවරදී පවසා තිබේ.‍
සිංහල බෞද්ධයන මේ වන විට විවිධ තාඩන පීඩනවලට ලක්වන බවත් උතුරේ ජීවත් වූ සිංහල බේකරි හිමියන් ඇතුළු විශාල පිරිසකට එම ප්‍රදේශවලින් ඉවත් වීමට සිදුව ඇති බවත් ඔහු පවසා තිබේ.
අස්ගිරි මහා විහාරයේදී  මහ නායක හිමියන් බැහැදුටු හිටපු ඇමතිවරයා

රටේ පවතින ගැටලු සහගත තත්ත්වය
තමන් ආරම්භයේ සිට හොදාකාරව නිරීක්ෂණය කළ බවත් ඇතැම් ඇමැතිවරුන් වියරු වැටී සිටින අයුරින් හැසිරීම නිසා සාමාන්‍ය මහජනයා පීඩාවට පත්ව ඇති බවත් කීය.
මේ නිසා තමන් සිය නායකත්වය යටතේ ජනතා පක්ෂය නමින් පක්ෂයක් පිහිටුවන බවත් එහි ලියාපදිංචිය නුදුරේදීම ලැබෙනු ඇතැයි පසුව ඔහු මාධ්‍ය හමුවේ කීවේය.

මට මැතිවරණයේදී නාම යෝජනා ලබාදීමට අවස්ථාව දුන්නේ නැහැ. මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් විමසුවා ඇයි මට ඡන්දයට ඉදිරිපත් වීමට ඉඩ නොදෙන්නේ කියා? එවිට ඔහු කීවේ මේක කළේ බැසිල් බවයි. ඉතින් එතුමට කොන්ද පණ නැද්ද මාව මැතිවරණයට ඉදිරිපත් කරන්න.
මම මොකද්ද කරපු වරද? ඩෙංගු ඉහළ යන නිසා ආදර්ශයක් ලෙස නිලධාරියකු ගස් බැන්දා තමයි. ඒ නිසා මගේ ආසනයේ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය වුණා. මම කුඩු වික්කද? හොර ජාවාරම් කළාද? නෑ. නමුත් වැඩි මනාප ලබා ගනියි කියලා
බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා මට නාම යෝජනා ලබා දුන්නේ නැහැ. ඒ නිසයි මම මෙහෙම ඉන්නේ.

අවශ්‍ය අවස්ථාවලදී මම අවශ්‍ය තැන්වලට ඉදිරිපත් වෙනවා. ඒ සඳහා ඇමැති ධුර අවශ්‍ය නැහැ. ලෝක බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර මංගල්‍ය සඳහා මහනුවර බෞද්ධ කොඩි දැමීමට අවස්ථාව නොමැති බව මට දැනගන්න ලැබුණා. මම මුළු මහනුවර නගරයම බෞද්ධ කොඩිවලින් සැරසුවා. කවුරුත් මට විරුද්ධව මුකුත් කිව්වේ නැහැ.

වැවයි දාගැබයි ගමයි පන්සලයි කියමින් ජීවත් වුණාට වැඩක් නැහැ. මේ සියලු දේ ආරක්ෂා කර ගත යුතුයි. චීවරයයි, මහා සංඝරත්නයයි නොමැති නම් මේ රටේ වැවයි දාගැබයි ගමයි පන්සලයි ඉතිරි වෙන්නේ නැහැ. යමකු මේ සඳහා විරුද්ධව කටයුතු කරන්නේ නම් දෙවියන් පවා කෝප වන සිද්ධියක්. සංහිඳියාව ගැන කියමින් මේ රට බෙදන්න දෙන්න බැහැ.

තොරතුරු - නදීක දයා බණ්ඩාර හා ගයා ශ්‍රී කාරියවසම්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment