පාසල් කාලය වසරකින් අඩු කිරීමට යෝජනාවක්‌

පාසල් අධ්‍යාපන කාලය වසරකින් අඩු කිරීමට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව යෝජනා කර ඇත. මෙම යෝජනාවට අනුව සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේදීද, උසස්‌ පෙළ විභාගය 12 ශ්‍රේණියේදීද පැවැත්විය යුතුය.
එක ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්‌වා ප්‍රාථමික අංශය ලෙසද දැනට හය ශ්‍රේණියේ
සිට නව වැනි ශ්‍රේණිය දක්‌වා පවතින කනිෂ්ඨ ද්විතියික අංශය හය ශ්‍රේණිය සිට අට ශ්‍රේණිය ලෙසද වර්ග කිරීමට කොමිෂන් සභාව යෝජනා කර ඇති අතර නවය ශ්‍රේණියේ සිට දොළහ ශ්‍රේණිය දක්‌වා වන සිව් වසර ජ්‍යෙෂ්ඨ ද්විතියික අංශය ලෙසද වර්ග කිරීමකට ලක්‌කර ඇත.

මීට අමතරව කොමිෂන් සභාව යෝජනා කර ඇත්තේ සිව් වසර සම්පූර්ණ වන දරුවන් රජයේ පාලනය යටතේ ස්‌ථාපිත කෙරෙන පෙර පාසල් සඳහා ඇතුළත් කර එකම විෂය නිර්දේශයක්‌ ඒවායේ ක්‍රියාත්මක කළ යුතු බවය.

සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා සකස්‌ කරන ලද යෝජනාවලියේ ඉහත යෝජනාව අන්තර්ගත වන අතර එම යෝජනාවලිය මේ වන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදී තිබේ.


(නිලන්ත මදුරාවල)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment