රාජිත කියන්නේ දූෂණය ඉදිරියට ගෙන යන බව ද?

Gamnpila_VAT

සයිටම් අර්බූදයට සාධාරණ විසඳුමක් ලබා ගන්න තිබෙන ලොකුම බාධාව ඇමති රාජිත කියන එක රටම දන්නා බව පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.

අපි රාජිත ඇමතිතුමාට එරෙහිව විශ්වාස භංගයක් ගෙනාවාම ඇමතිතුමා කියනවා විශ්වාස භංග යෝජනා දහයක් ගෙනාවත් මම කර ගෙන යන වැඩ දිගටම කරගෙන යනවා ලු.  මොකද්ද මේකෙ තේරුම?  ඒ කියන්නේ මෝදර ධීවර වරාය වගේ අනිත් වරායන් ද කුණු කොල්ලයට බදු දෙනවා කියන එක ද?  පියයුරු පිලිකා සඳහා ගෙනාවා වගේ වෙනත් රෝග සඳහා ද බාල ඖෂධ ගේනවා කියන එක ද?

රාජිත ඇමතිතුමා කියන්නේ පදනම් විරහිත චෝදනා විශ්වාස භංගයට දමලාලු.  ඉදිරි සති දෙක තුල මේ යෝජනා එකොලහ විස්තර කරන මාධ්‍ය හමු 11ක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය බලාපොරොත්තු වෙනවා. මේ චෝදනා පදනම් විරහිතයි කියලා රාජිත ඇමතිතුමාට ඇඟ බේරා ගන්න බෑ.  පදනම් විරහිත වෙන්නේ කොහොමද කියලා ජනතාවට කියන්න ඕනෑ.  නිදසුනක් විදියට රුපියල් ලක්ෂ 17කට බද්ද තක්සේරු කර තිබුණු මෝදර වරාය 125,000ක මාසික බද්දකට බදු දීම පිළිබඳ අපි චෝදනාවක් නගා තිබෙනවා.  ඒක වැරදි නම් බදු දුන්නේ ලක්ෂ 17ට හෝ ඊට වැඩියෙන් බවට සාක්ෂි ඉදිරිපත් කරන්න.  නැතිනම් තක්සේරු වටිනාකම රුපියල් 125,000 බවට සාක්ෂි ඉදිරිපත් කරන්න.  එහෙම නැතුව වචන හරඹ වලින් එතුමාට පැනලා යන්න අපි ඉඩ තබන්නේ නෑ.

ආණ්ඩුව ඇතුලේ ඉන්න බොරු සයිටම් විරෝධින් නිරුවත් කරන්න මේක අවස්ථාවක් කර ගන්න අපි බලාපොරොත්තු වෙනවා.  අපි ඉදිරිපත් කර තිබෙන චෝදනා 11න් 4ක්ම සයිටම් හා සම්බන්ධයි.  සයිටම් අර්බූදයට සාධාරණ විසඳුමක් ලබා ගන්න තිබෙන ලොකුම බාධාව ඇමති රාජිත කියන එක රටම දන්නවා. රාජිත සේනාරත්න ඇමතිවරයා රැකගන්න අත ඔසවන කිසිම මන්ත්‍රීවරයෙක්ට මින් ඉදිරියට මම සයිටම් එකට විරුද්ධයි  සයිටම් අහෝසී කරණ සටනේ මම ඉන්නවා කියන බොරු රංගන වල යෙදෙන්න අවස්ථාව නැති වෙනවා. ඒ නිසා විශ්වාස භංග ඡන්දයේ දී ඇමති රාජිත රැක ගන්න අත ඔසවලා ඊට පස්සේ සයිටම් විරෝධි රංගන ඉදිරිපත් කරන්න එපා කියලා අපි ආණ්ඩුවේ ඉන්න බොරු සයිටම් විරෝදීන්ට කියනවා.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment