එක්දින තරගාවලිය අද ඇරඹෙයි

එක්දින තරගාවලිය අද ඇරඹෙයි
මේ වනවිට දඹුල්ලේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 40 ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 25 ක් ජය ගැනීමට සමත්ව ඇත. දඹුල්ල ක්‍රීඩාංගනය සැලකෙන්නේ ශ්‍රී ලංකාවට වාසනාව ගෙන එන ක්‍රීඩාංගනයක් ලෙසයි. කෙසේ වෙතත් 2014 වසරෙන් පසුව දඹුල්ලේදී ජයග්‍රහණයක් භුක්ති විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව නැති අතර 2014 වසරෙන් පසුව පැවති තරග 5 න් 4 ක් ම පරාජයට පත්ව තිබේ. ඒ බංග්ලාදේශය ඉදිරියේ පරාජයට පත්වූ තරගයත් ඇතුළත්වය.
 
උදෑසන කාලයේදී දඹුල්ලට වර්ෂාව පතිත වූ අතර ඒ නිසා තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය හැකි බවයි වාර්තා වන්නේ.
 
ඉන්දියාව ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙස ජයග්‍රහණය කළ නිසා ඔවුන් ජයග්‍රාහී මානසිකත්වයකින් තරගයට එක්වන අතර කෙසේ වෙතත් අවසන් වරට දෙරට හමුවූ එක්දින තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.
 
මෙම තරගාවලිය ශ්‍රී ලංකාව අතිශය වැදගත් වේ. 2019 ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබන කණ්ඩායම් අට අතර රැඳී සිටීම මෙම තරගාවලියේ තරග දෙකක් ජයගැනීම අනිවාර්ය වන අතර එසේ නැතහොත් කොදෙව් කණ්ඩායම ඇතුළු ශ්‍රී ලංකාවට පසුපසින් සිටින කණ්ඩායම් පරාජය පත්වන තෙක් බලා සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවේ.
 
දෙරට අතර අවසන් වරට පැවති තරග 18 න් 14 ක් ම ජයගෙන ඇත්තේ ඉන්දීය කණ්ඩායමයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment