තීන්දුවෙන් සමස්ත රාජ්‍ය සේවයම කම්පා වෙලා - ගම්මංපිල


සමස්ත රාජ්‍ය සේවයම කම්පාවට පත්වෙන මහාධිකරණ නඩු තීන්දුවක් ඊයේ(07) දිනයේ දී ලබා දුන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසා තිබේ.
2015 වසරේ විදුලි සන්දේස නියාමන කොමිසම් සභාවේ රුපියල් මිලියන 600 ක මුදලක් භාවිත කර සිල් රෙදි බෙදා දීමේ නඩු තීන්දුව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට එරෙහිව ලබා දුන් නඩු තීන්දුව තුළින් මුළුමහත් රාජ්‍ය සේවයම කම්පාවට පත්ව තිබෙනවා.

ප්‍රමුඛතම මෙන්ම අවංකම රාජ්‍ය සේවකයෙක් ලෙස සිටි ලලිත් වීරතුංග මහතා වැරදිකරු බවට පත් කිරීම නිසයි එහෙම වුනේ.

මෙම නඩුවේ කිසිදු තැනක ලලිත් වීරතුංග මහතාට එරෙහිව චෝදනාවක් නෑ.

වීරතුංග වැනි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට අත්වෙන ඉරණම මෙය නම් අපේ ඉරණම කෙසේ වේවිදැයි රාජ්‍ය සේවකයෝ මේ වන විට බියෙන් පසු වනවා.
මෙය සමස්ත පරිපාලන කේෂ්ත්‍රයම උඩු යටිකුරු කරන ලද තීරණයක්.

අදින් පසු ආණ්ඩුවේ ලිපි ගොනුවකට රාජ්‍ය සේවකයෙකුගෙන් අත්සනක් ලබා ගැනීම භයානක දෙයක් බවට පත් වෙනු ඇති .. 


එම ප්‍රකාශය ලබාදෙන්නට පෙර ගම්මංපිල මහතා අගමැති රනිල් හමුවී පාර්ලිමේන්තුවේදී ඒ ගැන සාකච්ඡා කර තිබුනේ පහත පරිදිය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment