මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ගැන විගණකාධිපතිට පැමිණිල්ලක් !

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ගැන විගණකාධිපතිට පැමිණිල්ලක් !
නෙවිල් ප‍්‍රනාන්දු රෝහල 2017 අගොස්තු 1 දින සිට රජයට පවරා ගැනිමක් සිදු වන බව ප්‍රකාශ වූ අතර ඒ අනුව එම රෝහලේ කටයුතු සඳහා මාසිකව  රුපියල් මිලියන 200 ක මුදලක් වැය කිරීමට රජය තීරණයක් ගන්නා ලදී. පසුව තවත් රුපියල් මිලියන 50ක මුදලක්  රෝහලේ ඖෂධ වෙනුවෙන් වය කිරීමටද ආණ්ඩුව තීරණය කර තිබුණි. 
 
ආණ්ඩුවේ පොරොන්දුව පරිදි මාලඹේ පෞද්ගලික් රෝහලට ආණ්ඩුව මුදල් ලබා දීම ආරම්භ කර ඇති නමුත් එය විධිමත් නොවන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ. විශේෂයෙන් තවදුරටත් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට අයත් ආයතනයක් බවට ගැසට් නිවේදනයක් නිකුත් කර නොමැති බවද එම සංගමය අවධාරණය කරයි. මෙවැනි තත්ත්වයක් තුළ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සඳහා රජය මුදල් වියදම් කිරීම පිළිබඳ විධිමත් විගණන විමර්ශනයක් කළ යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.
 
ආශිකා බ්‍රාහ්මණ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment